ඊයේ (18) කිරිබත්ගොඩ පොලිස් වසමේ දික්පිටිගොඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් මෙන්ම මත්පෙති තොගයක් සමග අයෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 6 ග්‍රෑම් 96ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 70ක් හා මත්පෙති 5,000ක් ද නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31ක් වූ දික්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


