ඊයේ (18) පස්වරුවේ දංකොටුව, ගෝනවිල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 65ක් වූ දංකොටුව ප්රදේශයේ පදිංචිකාරියකි.
එම කාන්තාවගේ ගෙල ප්රදේශය තියුණු ආයුධයකින් කපා මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශන වලදී අනාවරණය විය.
සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර දංකොටුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


