ඊයේ (17) කිරිඳිවැල, හංවැල්ල පාර ප්රදේශයේ පිහිටි සිනමාශාලාවක තීබි ගිනිඅවි, අත්බෝම්බ සහ පතොරම් තොගයක් සමඟ 38 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සිනමාශාලාව තුළ තිබී පිස්තෝල 02ක්, රිවෝල්වරයක්, රිපීටර් වර්ගයේ ගිනි අවියක්, ජීව අත්බෝම්බ 02ක් සහ ජීව උණ්ඩ 4,000 කට ආසන්න ප්රමාණයක් සොයාගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


