අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සමග පුද්ගලයෙකු හිරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඊයේ (18) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18 ග්‍රෑම් 716ක් මෙන්ම විද්‍යුත් තරාදියක්ද පොලිස් භාරයට ගැනුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ මෙහෙයවීම මත දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීම හා ජාවාරම් කිරීම සඳහා රැගෙන විත් ඇති බවය.
ඒ අනුව සැකකරුව අද (19) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවද පොලීසිය සඳහන් කරන ලදි.


