ඊයේ (16) පස්වරුවේ නවගමුව, වඳුරම්මුල්ල ප්රදේශයේ නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබේ.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කඩුවෙල වැලිහිද පාර ප්රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කරන ලදි.
පිස්තොල වර්ගයේ ගිනි අවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැති අතර නවගමුව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.


