ඊයේ (18) පස්වරුවේ කොටහේන 6 වන පටුමග ප්රදේශයේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙළෙඳසැළක් ඉදිරිපිට සිටි අයෙක් ඉලක්ක කර සිදුවූ මෙම පිහි ඇනුමෙන් 53 හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු තුවාල ලබා, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇති බව කොටහේන පොලීසිය විසින් සඳහන් කරන ලදි.
මෙම ඝාතනය කවුරුන් විසින් කුමන හේතුවක් මත සිදු කලේද යන්න මෙතෙක් අනාවරණය නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

