ත්රිකුණාමලය, 4 කණුව හන්දියේ දී නිවාඩු නිකේතනයක හිමිකරුවෙකුව පිරිසක් විසින් ඝාතනය කර තිබේ.
ඊයේ (20) රාත්රීයේ දී මෙම ඝාතනය සිදුව ඇති අතර, අදාළ පුද්ගලයාව ගෙල කපා ඝාතනය කර ඇති බවට ත්රිකුණාමලය පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරන ලදි.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 56 හැවිරිදි සිංහපුර, ත්රිකුණාමලය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා නිවාඩු නිකේතනයේ තනිව සිටියදී කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්රිකුණාමලය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


