පසුගිය 09 වැනි දින උදෑසන කළුතර, නාගොඩ ප්රදේශයේ අවන්හල් හිමිකරුවෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ ප්රධාන වෙඩික්කරු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සැකකරු කඩුවෙල, රණාල ප්රදේශයේ නිවසක රැඳී සිටියදීය.
නාගොඩ අවන්හල ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමෙන් අවුරුදු 54ක් වූ අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට පත්වූ අතර වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබූ ඔහුගේ බිරිඳ පසුව රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්විය.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්රහාරය එල්ල කර පලා ගොස් තිබූ අතර සිද්ධිය සම්බන්ධව පොලිසිය විමර්ශනයක්ද ආරම්භ කර තිබුණි.
ඒ අනුව එම අපරාධයට සම්බන්ධ දුරකථන විශ්ලේශණ වාර්තා සහ ක්ක්ඔඪ දර්ශන අනුව සිදුකරනු ලැබූ විමර්ශනයකදී සිද්ධියට සම්බන්ධ ප්රධාන වෙඩික්කරු කඩුවෙල ප්රදේශයේ රැඳී සිටින බවට කළුතර අපරාධ කොට්ඨාසයට අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.
ඒ අනුව කඩුවෙල, රණාල ප්රදේශයේ දී අදාළ සැකකරු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී අනාවරණය වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික දිප්පිටිගොඩ ශක්ති නැමැත්තාගේ ඥාති නිවසක මෙම සැකකරු සැඟව සිට ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 32ක් වූ බදුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලිසිය සඳහන් කරන ලදි.
වෙඩික්කරු කළුතර නවීන් නැමැත්තාගේ උවමනාව මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවද වාර්තා වේ.
එමෙන්ම මෙම ඝාතනය සඳහා ටී56 ගිනි අවියක් වෙනත් පුද්ගලයෙකු ඔහුට ලබා දී ඇති අතර ඝාතනයෙන් අනතුරුව එම ගිනිඅවිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හුවමාරුව ආසන්නයේදී වෙනත් පුද්ගලයෙකු වෙත ලබා දී ඇති බවත් මේ වන විට අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.


