ඊයේ (27) රාත්රියේ කෙසෙල්වත්ත, පොතුපිටිය ප්රදේශයේ වතු කාමරයක් තුළ දී තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු පොතුපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බවට පොතුපිටිය පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 33ක් වූ කට්ටංගේ, කහවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා ඝාතනය සිදුකළ සැකකරු අතර ඇතිවු බහින් බස්විමක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව සිදුකළ මුලික විමර්ශනයෙදී අනාවරණය වී ඇත.
වයස අවුරුදු 33ක් වූ කහවත්ත ප්රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොතුපිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


