ඊයේ (28) රාත්රි කාලයේදී ගාල්ල පොලිස් වසමේ ගල්වල ප්රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ තරුණයෙකු ගාල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 24ක් වූ ගාල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පැරණි අමනාපකමක් මුල් කරගනිමින් ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශන වලින් අනාවරණය වී ඇත.
මෙම ගැටුමේදී තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ප්රතිකාර සඳහා ගාල්ල රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධියට සම්බන්ධ වලව්වත්ත ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 19 සහ 29 පසුවන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගාල්ල පොලීසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.


