ඊයේ (28) පෙරවරුවේ අනුරාධපුර කොරකහවැව ප්රදේශයේ රක්ෂිතයක් තුළ දී ස්වාමි පුරුෂයකු විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහුද එම පිහියෙන්ම ඇනගෙන තුවාල සිදුකරගෙන තිබේ.
අදාළ පුද්ගලයා සිය බිරිඳ සමග යතුරුපැදියකින් මෙම රක්ෂිතය වෙත ගොස් ඇති අතර එහිදී ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව වාර්තා වේ.
තියුණු ආයුධ පහරින් බිරිඳ එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ ස්වාමිපුරුෂයා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ උලුක්කුලම ප්රදේශයේ පදිංචි 59 හැවිරිදි තිදරු මවකි.
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය සැකපළ කරන අතර අනුරාධපුර පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.


