ඊයේ (30) දින මොරටුමුල්ල පොලීසියට 119 හදිසි දුරකථන අංකය ඔස්සේ ලද ඇමතුමක් මත මොරටුමුල්ල ඉහළ ඉදිබැද්ද කුරේ ප්රදේශයේදී කඳ කොටස නොමැති මිනිස් හිසක් සොයාගෙන ඇත.
මොරටුමුල්ල ස්ථානාධිපති, දිනේෂ් හෙට්ටිආරච්චි මහතා පැවසුවේ අදාළ හිස කඳින් වෙන්ව ඇති අතර එය වඩුමඩුවක පිටුපස ගං ඉවුරට ආසන්නයෙන් තිබියදී සොයාගෙන ඇති බවය.
ඊයේ (30) උදෑසන 8ට පමණ වඩුමඩුවේ හිමිකරු මෙය දැක පොලීසියට දැනුම්දී තිබේ.
මොරටුමුල්ල පොලීසියේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ගල්කිස්ස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ ස්ථානීය පරීක්ෂාවන් සිදුකර ඇති අතර මොරටුව මහෙස්ත්රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්රාත් නීතිඥ සඳමාලී මහත්මිය පැමිණ ස්ථානීය පරීක්ෂාවක් සිදුකරන ලදි.
එම මිනිස් හිස බෙහෙවින් නරක් වී සතුන් කා දමා ඇති අයුරු දක්නට ලැබෙන අතර මොරටුමුල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


