ඊයේ (17) දින දහවල් කාලයේ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 300ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් 3,024,900ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පොළොන්නරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මාඔය, බැඳිවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 28ක් වන සැකකරු පොළොන්නරුව පොලිස් වසමේ මාඔය, බැඳිවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොළොන්නරුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මනම්පිටිය නිල සුනඛ ඒකකයේ නිලධාරීන් සමග ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොළොන්නරුව පොලීසිය විසින් සිදු කරනු ලැබේ.

