හෙරොයින් ග්‍රෑම් 18 මිලිග්‍රෑම් 643 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (19) දින අත්අඩංගුවට ගෙන ඇත.
ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 24 වන වියේ පසුවන සැකකරු ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.

