හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 120ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (23) දින අත්අඩංගුවට ගෙන ඇත.
වැලිසර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 56 වන වියේ පසුවන සැකකරු මරදාන සීමන් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන මරදාන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මරදාන පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.

