හෙරොයින් කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 106ක් සහ අයිස් ග්‍රෑම් 478ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් යතුරුපැදියක් ද සමග මොරටුව පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විදෙස් රටක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “කළුබෝවිල අවිශ්ක“ යන අයගේ ප්‍රධාන ගෝලයෙකු වන “කළුබෝවිල චූටි“ නැමැත්තා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා ය.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 24 සහ 25 හැවිරිදි වියේ පසු වන මෙම සැකකරුවන් දෙදෙනා පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.

