ඊයේ (20) රාත්රියේ හික්කඩුව මහවත්ත ප්රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව ඇත.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා පලාගොස් ඇති බව වාර්තා වේ.
වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තාවී නොමැති අතර වෙඩි ප්රහාර 4ක් පමණ එල්ලකර තිබෙන බවත් නිවසේ බිත්තියට සහ ජනේලයකට වෙඩි ප්රහාර වැදී ඇති බවත් සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

