ඊයේ (04) දින වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කළ අයෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 40 ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු මරදාන අබේසිංහාරාම මාර්ගයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 200 ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී පසුගිය මස 06 වන දින මරදාන පොලිස් වසමේ පංචිකාවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ සිදුවීමට සම්බන්ධ වෙඩික්කරු බවට අනාවරණය වී ඇත.
මෙම අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර අපරාධයට සම්බන්ධ යතුරුපැදියේ පැදිකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මේ පිලිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

