මිනුවන්ගොඩ ප්‍රදේශයේ වයෝවෘධ කාන්තාවක් දූෂණය කර මුහුණට මිරිස් කුඩු ගසා ගෙල මිරිකා ඝාතනය කර ඇති බවට වාර්තා වේ.
මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 71 කාන්තාවක් මෙලෙස ඝාතනය ලක්ව ඇත.
මීට වසර දෙකකට පෙර එම කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර, ඝාතනය වූ වයෝවෘධ කාන්තාව තනිව නිවසේ වාසය ඇත.
ඊයේ (24) දින යාබඳ නිවසක කාන්තාවක් එම නිවසට පැමිණ බැලීමේ දී මුහුණේ මිරිස් කුඩු තැවරී එම වයෝවෘධ කාන්තාව බිම වැටී සිටිනු දැක පොලීසියට දැනුම් දී තිබේ.
මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රාණි රත්නායක මහත්මිය ස්ථානීය පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරන ලෙස පොලීසියට දැනුම් දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මිනුවන්ගොඩ පොලීසිය විසින් සිදුකරනු ලැබේ.

