පසුගිය අප්‍රේල් මස 29 වන දින අලුයම් කාලයේදී හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ පැවැත්වූ සාදයක් අතරතුරදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් T56 ගිනි අවියකින් වෙඩි තැබිමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (30) දින මෙම අපරාධයේ සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදීම සහ පලා යාමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන හිරණ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
පානදුර, මොරවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 40 වන වියේ පසුවන සැකකරු හිරණ, මාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හිරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

