සංවිධානාත්මක අපරාධකල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකාරිය වූයේ පිංපුරදේවගේ ඉෂාරා සෙව්වන්දි නම් 25 හැවිරිදි කාන්තාවයි.
පසුගිය පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී මෙම ඝාතනය සිදුවූ අතර ඝාතනය සිදු වූ දින සිට මේ වන තෙක් මෙම සැකකාරිය සැගව සිටි අතර මේ වන තෙක් ඇය පිළිබඳ නිසි තොරතුරක් ලැබී නොතිබිණි.
සැකකාරිය සමග තවත් පුද්ගලයන් 4 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් අතර ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ සමීපතමයෙකුද සිටින බව පොලිසිය සඳහන් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය හා නේපාල පොලිසිය හා එක්ව සිදුකල දින 4ක මෙහෙයුමකින් පසු මෙම සැකකාරිය ඇතුලු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පවසන ලදි.

