ඩුබායි වෙත පලාගිය අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘අංගොඩ ප්‍රියංකර ‘ ගේ ගෝලයෙකු හෙරොයින් හා අයිස් සමග විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 716ක්, අයිස් ග්‍රෑම් 255ක් සහ උණ්ඩයක් සහිත රුසියාවේ නිශ්පාදිත මයික්‍රෝ පිස්තෝලයක් සොයාගෙන ඇත.
වැල්ලම්පිටිය, නාගහමුල්ල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරනු ලැබේ.


