මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් ”පානදුර කුඩු සලිඳු” නමැත්තාගේ මුදල් අයකැමි ඊයේ (17) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සිදුකළ වැටලීමකදී සැකකරු සිය බිරිඳ සමග හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහරිමින් මුදල් එකතු කිරීමේ නිරත වී සිටියදී රත්මලාන ගුවන්තොටුපළ හන්දිය අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර යුවළ සන්තකයේ තිබී ලක්ෂ 63 ක මුදලක්, හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 15,055 ක්, විද්‍යුත් නවීණ පන්නයේ මුදල් ගණින යන්ත්‍රයක් , විද්‍යුත් තරාදියක් හා ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් පොලිසිය භාරයට ගෙන තිබේ.
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
අවුරුදු 26 සහ 34 යන වයස්වල පසුවන සැකකාර යුවළගෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් සිදුකරනු ලබයි.


