අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21 මිලිග්‍රෑම් 780ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (23) දින අත්අඩංගුවට ගෙන ඇත.
දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 32 වන වියේ පසුවන සැකකරු කොහුවල ශ්‍රී සරණංකර පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොහුවල පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.