අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු සහ හෙරොයින් ග්‍රෑම් 16ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (01) දින අත්අඩංගුවට ගෙන ඇත.
තිස්සමහාරාම සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් වන 32 වන වියේ පසුවන සැකකරුවන් ගල්කිස්ස දෙවට පාර සහ රත්මලාන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරු මත සිදුකළ වැටලීම් දෙකකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.