හෙරොයින් ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (01) දින අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 45 වන වියේ පසුවන සැකකරු අතුරුගිරිය මලව්ගෙවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අතුරුගිරිය පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.