අයිස් ග්‍රෑම් 105 මිලිග්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන ඇත.
ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 29 වන වියේ පසුවන සැකකරු කටුනායක ජාඇලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටුනායක පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.