හෙරොයින් ග්‍රෑම් 498ක් සන්තකයේ තබාගෙන වෑන් රථයකින් ගමන කරමින් සිටි පුද්ගලයකු සහ කාන්තාවක්, ජංගම දුරකථන 02ක් සහ එම වෑන් රථයද සමඟ කලුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන ඇත.
පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 43 වන වියේ පසුවන සැකකරු සහ 42 වන වියේ පසුවන සැකකාරිය පානදුර පාලම අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
කලුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කලුතර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.