මත් කරල් 91ක් සහ කඩුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, රු.5650ක මුදලක්ද සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන ඇත.
කලුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 38 වන වියේ පසුවන සැකකරු කලුතර දකුණ, මාහීනටියන්ගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන කලුතර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පානදුර දකුණ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.