අයිස් ග්‍රෑම් 120 මිලිග්‍රෑම් 200ක් සහ අයිස් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන ඇත.
නිට්ටඹුව සහ කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන 34 වන වියේ පසුවන සැකකරුවන් නිට්ටඹුව සහ පෑලියගොඩ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.