හෙරොයින් ග්‍රෑම් 09 මිලිග්‍රෑම් 340ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20) දින අත්අඩංගුවට ගෙන ඇත.
කොටුගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 වන වියේ පසුවන සැකකරු නිල්පනාගොඩ, අඹගහමුල හන්දියේදී අත්අඩංගුවට ගෙන ඇත.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිනුවන්ගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.