ත්‍රිරෝද රථ සොරකම් කිහිපයකට අවශ්‍ය කර සිටි සැකකරුවකු, බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (19) දින අත්අඩංගුවට ගෙන ඇත.
කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 25 වන වියේ පසුවන සැකකරු වැල්ලම්පිටිය සංහිඳ සෙවන මහල් නිවාස සංකීරණය අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන මරදාන පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති අතර සිදුකරන ලද වැඩිදුර විමර්ශන වලදී සැකකරු විසින් වැල්ලම්පිටිය සහ කැලණිය ප්‍රදේශවලදී සොරකම් කරන ලද ත්‍රිරෝද රථ දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.