හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500ක් සහ හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු, ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (18) දින අත්අඩංගුවට ගෙන ඇත.
රත්මලාන සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් වන 25 සහ 33 වන වියේ පසුවන සැකකරුවන් ගල්කිස්ස රෂ්ටම් වත්ත සහ බඩෝවිට ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.