පසුගිය (05) දින ගල්කිස්ස සිල්වෙස්ට මාර්ගයට හැරෙන හන්දියේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අනුව මෙම ඝාතනය සඳහා යොදාගත් යතුරුපැදිය පැදවු පැදිකරු, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (16) දින අත්අඩංගුවට ගෙන ඇත.
මාකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 45 වන වියේ පසුවන මෙම සැකකරු මාකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ඝාතනය සඳහා යොදාගත් බවට සැකකෙරෙන යතුරුපැදියේ කොටස් සඑ ව්‍යාජ අංක තහඩු දෙකක් සැකකරුගේ නිවස පිටුපස වලදමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්යංශය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.