ඊයේ (16) දින සවස් කාලයේ කොටහේන සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේදී සිදු වූ වෙඩිතැබීමකින් නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයකු සහ කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයකු සහ 70 හැවිරිදි කාන්තාවකි.
පිස්තෝල අවියක් යොදාගෙන මෙම වෙඩිතැබීම සිදු කර ඇති අතර මෙම වෙඩිතැබීම කවුරුන් විසින් කුමන හේතුවක් මත සිදුකලේද යන්න සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොටහේන පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.