පසුගිය (15) වන දින එගොඩඋයන ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 08ක් පමණ වටිනා යතුරුපැදියක් සහ ජංගම දුරකථනයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකල විමර්ශන අනුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අයිස් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටියදී, එගොඩඋයන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (16) දින අත්අඩංගුවට ගෙන ඇත.
නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 23 වන වියේ පසුවන සැකකරු මෝදර තුඩුව හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කොල්ලකන ලද යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශන වලදී මොහු 2025.03.23 දින එගොඩඋයන ප්‍රදේශයේදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරු බවටද අනාවරණය වී ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන එගොඩඋයන පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.