අයිස් ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 120 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, කොළඹ උතුර කොට්ඨාස විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) දින අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 49 වන වියේ පසුවන සැකකරු ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ උතුර කොට්ඨාස විමර්ශන කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සහ සොරුන් විසින් සොරකම් කරන ලද විවිධ වර්ගයේ භාණ්ඩ සැකකරු වෙත ලබාදී මුදල් හා මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇත .ඒ අනුව සැකකරුගේ නිවසේ තිබී පාපැදි, ජංගම දුරකථන, ලැප්ටොප් පරිඝණක, ටැබ් යන්ත්‍ර , වතුර මෝටර්, හිල්ටි යන්ත්‍ර , ග්‍රීල් විදින යන්ත්‍ර, කැමරා හා විවිධ බල්බ් වර්ග ආදී විවිධ භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි .