හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500 ක් හා හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු, වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) දින අත්අඩංගුවට ගෙන ඇත.
කිරිමැටියාන සහ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 34 සහ 44 වන වියේ පසුවන සැකකරුවන් ගෝනවිල ප්‍රදේශයේදී සහ දංකොටුව නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.
වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වෙන්නප්පුව පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.