හෙරොයින් ග්‍රෑම් 105 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන මුදල් රුපියල් 105,000/- ක්, විද්‍යුත් තරාදියක් හා ජංගම දුරකතනයක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) දින අත්අඩංගුවට ගෙන ඇත.
පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන 53 වන වියේ පසුවන සැකකාරිය පෑලියගොඩ ගැරෙජ්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පෑලියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.