ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් “ටීචර් අම්මා” විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් එම තරුණයා රෝහල් ගත කර ඇති අතර මෙම පහරදීම සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 32 හැවිරිදි වියේ පසුවන තරුණයකු මෙලෙස පහරකෑමට ලක්ව රෝහල් ගත කර ඇත.
මෙලෙස පහර කෑමට ලක්වූ තරුණයා සැකකාර ශිෂ්‍යත්ව ගුරුවරිය යටතේ සේවය කළ සේවකයෙක් වන අතර, හයේශිකා ප්‍රනාන්දු විසින් මෙම තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.
එම තරුණයාගේ සහෝදරිය යැවූ වට්ස්ඇප් පණිවුඩයක් සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වයක් මත මෙම පහරදීම සිදුකර ඇති බවට පොලිසිය සිදුකල වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත.
සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඇයගේ සැමියා හා ඇයගේ කළමනාකරු යන දෙදෙනාව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් “ටීචර් අම්මා” අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර තිබේ.