හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 150 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ඔයාමඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (09) දින අත්අඩංගුවට ගෙන ඇත.
මහාමාන්කඩවල ,ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 24 වන වියේ පසුවන සැකකරු පෙරුම්කුළම,ගල්වල පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔයාමඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඔයාමඩුව පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.