අයිස් ග්‍රෑම් 12ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (09) දින අත්අඩංගුවට ගෙන ඇත.
මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 31 වන වියේ පසුවන සැකකරු ගල්කිස්ස රාහුල පාර අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශන වලදී, මොහු මොරටුව ප්‍රදේශයේ ගෙවල් බිඳ දේපල සොරාගැනීමේ සිද්ධි 2කට සහ වාහනයක් තුල තිබූ ලැප්ටොප් යන්ත්‍රයක් හා ටැබ් යන්ත්‍රයක් සොරකම් කිරීමේ සිද්ධියකට අවශ්‍ය කර සිටි සැකකරුවකු බව අනාවරණය වී ඇත. මෙම වැටලීමේදී සොරාගත් ලැප්ටොප් යන්ත්‍රය, ටැබ් යන්ත්‍ර 2ක්, රන් මාලයක්, කරාඹු ජෝඩුවක් හා ගෑස් සිලින්ඩර් 2ක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.