හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 150 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, අඟුරුවාතොට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) දින අත්අඩංගුවට ගෙන ඇත.
අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 23 වන වියේ පසුවන සැකකරු අඟුරුවාතොට ගුඩ්හොප් වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අඟුරුවාතොට පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අඟුරුවාතොට පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.