හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 680 ක් සහ හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 540 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු, සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) දින අත්අඩංගුවට ගෙන ඇත.
සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 42 සහ 50 වන වියේ පසුවන සැකකරුවන් ලියනගේමුල්ල සහ මූකලන්ගමුව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සීදූව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.