අයිස් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 100 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, පොලිස් විශේෂ බලකා මූලස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) දින අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 37 වන වියේ පසුවන සැකකරු මත්තේගොඩ කුඩාමාදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ බලකා මූලස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන මත්තේගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
මත්තේගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.