පසුගිය (03) වන දින සපුගස්කන්ද ප්‍රදේශයේදී අවි පෙන්වා බිය කර රුපියල් දෙකෝටි අටලක්ෂ හතලිස්දාහක් වටිනා රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ අනුව එම සිද්ධියට සම්බන්ධ සැකකරුවකු ඊයේ (08) දින අත්අඩංගුවට ගෙන ඇත.
කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 61 වන වියේ පසුවන සැකකරු කිරිඳිවැල රඳාවාන, මාහේන හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ සොරකම් කරන ලද රන්මුදුවක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.