අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 130ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, ජංගම දුරකථන දෙකක්ද සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (07) දින අත්අඩංගුවට ගෙන ඇත.
මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 34 වන වියේ පසුවන සැකකරු කොටහේන සුමනතිස්ස මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන කොටහේන පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොටහේන පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.