අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන ත්‍රිරෝදරථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු, ත්‍රිරෝදරථය සහ ජංගම දුරකථන දෙකක්ද සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (07) දින අත්අඩංගුවට ගෙන ඇත.
අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 40 වන වියේ පසුවන සැකකරු මොරටුව ගාලුපාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන මොරටුව පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොරටුව පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.