අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 103ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, යතුරුපැදියක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (07) දින අත්අඩංගුවට ගෙන ඇත.
සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 34 වන වියේ පසුවන සැකකරු කොළොන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන වැල්ලම්පිටිය පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.