පසුගිය (03) දා මිටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා ඝාතනය සිදු කිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙකු මිටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය (06) දින අත්අඩංගුවට ගෙන ඇත
මිටියාගොඩ සහ කහව ප්‍රදේශවල පදිංචිකරුවන් වන 27, 40 හා 44 වන වයස් වල පසුවන සැකකරුවන් මිටියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මිටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සහ සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිටියාගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.